මුත්තු නගර් නීතිවිරෝධී පස් කැනීම් නවතී

මුත්තු නගර් නීතිවිරෝධී පස් කැනීම් නවතී

මුත්තු නගර් ප්‍රදේශයේ සෝලාර් සමාගම් වෙත බදු දී ඇති භූමි තුල නීති විරෝධී පස් කැනීම් සිදු කිරීමට උත්සාහ ගත් බවට හදුනාගන්නා ලද ප්‍රදේශය ඊයේ (18) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අධීක්ෂණයට ලක් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම නීතිවිරෝධී පස් කැනීම මුල් අදියරේදීම නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අත්හිටුවීම නිසා එමගින් සිදුවිය හැකි විශාල පරිසර හානි වැළැක්වීමට හැකිවූ බව සදහන්.

නියෝජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයට නීතිමය හා සම්මත ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අධීක්ෂණ කටයුතු සිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB), පොලිසිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කලාප ලේකම් කාර්යාලය යන ආයතනවල සහාය ද හිමිව තිබුණා.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ දැනට මෙම නීතිවිරෝධී පස් කැනීම් කටයුත්තට සම්බන්ධ කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

 

Share This