මුදල් ගෙන අවමංගල්‍ය කටයුතු සිදු නොකළ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා

මුදල් ගෙන අවමංගල්‍ය කටයුතු සිදු නොකළ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා

එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ අවමංගල්‍ය  අධ්‍යක්ෂවරයකුගේ ව්‍යාපාර ගොඩනැගිල්ලෙන් පුද්ගලයන් 31 කට වැඩි පිරිසකගේ දිරාපත් වූ සිරුරු සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මළ සිරුරු ගොඩනැගිල්ලෙන් හමුවූ පසු අවමංගල්‍ය අධ්‍යක්ෂකවරයා විසින් වරද පිළිගෙන ඇති බවයි.

Lankford ව්‍යාපාරය හිමි Randy Lankfordට ගෙවන ලද අවමංගල්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

Jeffersonville පොලිසිය පසුගිය වසරේ ජූලි මාසයේදී Lankford අවමංගල්‍ය නිවාසයේ විමර්ශන ආරම්භ කළේ ගොඩනැගිල්ලෙන් දැඩි ගන්ධයක් එන බවට වාර්තා වීමෙන් පසුවයි.

Randy Lankfordට ජූනි මාසයේදී දඬුවම් නියම කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This