මුම්බායිහි වාතයේ ගුණාත්මක භාවයේ පහත වැටීමක්

මුම්බායිහි වාතයේ ගුණාත්මක භාවයේ පහත වැටීමක්

මේ මාසයේ ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි නගරයේ වාතයේ ගුණාත්මක භාවයේ පහත වැටීමක් සිදුව ඇති බව බලධාරීහු පවසනවා

මාර්ග සහ මෙට්‍රෝ වැනි සංවර්ධන ව්‍යාපෘතිවල අඛණ්ඩ වැඩ කටයුතු නගරයේ දූෂණයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඉන්දියාවේ කාලගුණ කාර්යාලයේ ප්‍රධානී සුනිල් කම්බ්ලේ පැවසුවේ, නගරයෙන් මෝසම් වැසි ඉවත් වීම ද දූෂණ මට්ටම නරක බවට පත්වීමට දායක වූ බවයි.

දූෂිත වාතය මිනිසුන්ට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන බවද වාර්තා වනවා

2019 වසරේ ඉන්දියාවේ මිලියන 2.3 කට අධික ප්‍රමාණයකගේ අකල් මරණවලට පරිසර දූෂණය හේතු වූ බව Lancet අධ්‍යයනයකින් වාර්තා වී තිබෙනවා

 

Share This