මුම්බායි සිට කටුනායකට ආ ගුවන් යානයක බෝම්බ බියක්

මුම්බායි සිට කටුනායකට ආ ගුවන් යානයක බෝම්බ බියක්

ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද ඇමතුමක් මත විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු එම යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉන් ඉවත් කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

මේ වන විට එහි කිසිදු බෝම්බ බියක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම තහවුරු කළා.

Share This