
මුලතිව්,මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ වැසියකුගේ මරණයට සැකපිට හමුදා සාමාජිකයින් 03 ක අත්අඩංගුවට
මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්,ජීවනගර් පදිංචි 32 හැවිරිදි එදිර්මන්නසිහම් නමැති පුද්ගලයෙක්.
ප්‍රදේශවසීන් සැක පළකර ඇත්තේ යුද හමුදාව පහර දී ඇති අතර එම පහර දීම් වලින් අනතුරුව මළ සිරුර මෙහි දමන්නට ඇති බවට චෝදනා කරමින් මෙම නොසන්සුන් තාව ඇතිව තිබුණා.
සිද්ධිය වූ ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටි අතර ප්‍රදේශවාසීන් පැවසුවේ මුත්තයාන්කට්ටු යුද හමුදා කදවුරේ කිහිප දෙනකු ගලවා ඉවත් කිරීමට නියමිත යුද හමුදා කදවුරේ තහඩු ප්‍රදේශයේ පිරිසකට කදවුරට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ බවයි.
ඒ අනුව පසුගිය 7 වැනිදා රාත්‍රියේ පිරිසක් කදවුරට ගොස් ඇති අතර අදාල පුද්ගලයින්ට යුද හමුදා කදවුරේ නිලධාරීන් පිරිසක් පහර දී ඇති බවත් ,එහිදී පුද්ගලයින් හතර දෙනකු නැවත ගම්මානයට පැමිණ සිටි බවත් එක් අයකු අතුරුදන්ව ඇති බවත් අප වාර්තාකරු පැවසුවා.
අතුරුදන් පුද්ගලයා සොයා පවුලේ සාමාජිකයින් පසුගිය 08 වැනිදා කටයුතු කළ ද සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
අදාල අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර ඊයේ උදෑසන වැවේ පාවෙමින් තිබිය දී හමුවී ඇත්තේ ඒ අතරයි.
මළ සිරුර තිබූ ස්ථානයට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සදහා යාපනය රෝහලට යොමුකළ බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.