
මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී යාමෙන් ගමනා ගමනය නවතී
පැවති ජල ගැලීම්වලට ලක්ව මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල නැවති ඇති බවයි.
ජල ගැලීම් හේතුවෙන් පාලමේ බැමි කැඩී ගොස් පාලම කඩා වැටි ඇති අතර,පාලම කැඩියාම හේතුවෙන් මාර්ගය භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිනවා.
මුලතිව් නයාරු කලපුව හරහා පාලම ඉදිකොට තිබිණ.



