මුල් ළමා විය සංවර්ධනයට මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි කිරීමට පියවර ගන්නවා -ඇමති රෝහණ දිසානායක-
මුල් ළමා විය සංවර්ධන කුසලතාව මෙන්ම ගුරුවරුන්ගේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි පියවර ගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ අඩුපාඩුකම් පෙන්වාදෙමින් ඔවුන් ඉදිරියට ගෙන යාම තමන්ගේ බලාපොරොත්තුව බවයි.
මාතලේ දිස්ත්‍රික්කයේ පූර්ණ ළමා විය සංවර්ධනය කිරීමේ වැඩසටහනට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.