මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියර වර්ගයක් පානය කළ ධීවරයින් තිදෙනෙකු මරුට
මත්පැන් බව සිතා මුහුදේ බෝතලයක පාවෙමින් තිබූ දියර වර්ගයක් පානය කළ ධීවරයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ධීවර යාත්‍රාවක සිටි 6 දෙනෙකු එම දියර වර්ගය පානය කර ඇති අතර අනෙක් තිදෙනාද බරපතළ තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
තංගල්ලෙන් පිටත්ව ගොස් තිබූ එම ධීවර යාත්‍රාව වෙනත් ධීවර යාත්‍රාවකින් ගොඩබිමට ගෙනඒමට පියවර ගෙන තිබෙනවා.