“මුළුතැන්ගෙයින් ඇරඹි ගින්න නිවාස 2,000ක් විනාශ කළා” – සරණාගත කඳවුරේ ගින්න ගැන හෙළිවූ තොරතුරු (VIDEO)

“මුළුතැන්ගෙයින් ඇරඹි ගින්න නිවාස 2,000ක් විනාශ කළා” – සරණාගත කඳවුරේ ගින්න ගැන හෙළිවූ තොරතුරු (VIDEO)

විශාලතම සරණාගත කඳවුරක් ලෙස හැඳින්වෙන බංග්ලාදේශයේ රොහින්ග්‍යා කඳවුරේ ඇතිවූ විශාල ගින්න ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මුළුතැන්ගෙයක තිබූ ගෑස් සිලින්ඩර හරහා ගින්න වේගයෙන් පැතිරීමෙන් පසු නිවාස 2,000ක් විනාශ කරමින් 12,000ක පමණ ජනතාවට නිවාස අහිමි කර ඇති බව බලධාරීන් පවසනවා.

මෙම ගින්න කිසියම් අයෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

2021 ජනවාරි සිට 2022 දෙසැම්බර් දක්වා කාලය තුළ රොහින්ග්‍යා කඳවුරු තුළ ගිනිගැනීම් 60ක් ඇතුළුව ගිනි හා සම්බන්ධ සිදුවීම් 222ක් සිදුවී ඇති බව පසුගිය මාසයේ නිකුත් කරන ලද බංග්ලාදේශ ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක දැක්වෙනවා.

2021 මාර්තු මාසයේදී ද රොහින්ග්‍යා කඳවුරක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර 50,000ක් පමණ අවතැන් වුණා

Share This