මෙක්සිකෝවේ අතහැර දමා තිබූ “ට්‍රක් රථයක” පුද්ගලයන් 340කට වැඩි පිරිසක්

මෙක්සිකෝවේ අතහැර දමා තිබූ “ට්‍රක් රථයක” පුද්ගලයන් 340කට වැඩි පිරිසක්

මෙක්සිකානු නිලධාරීන් විසින් Veracruz ප්‍රාන්තයේ මාර්ගයක අතහැර දමා ගොස් තිබූ ට්‍රක් රථයක සිටි පුද්ගලයන් 340කට වැඩි පිරිසක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අතරට බාලවයස්කරුවන් 103ක් ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙලෙස හමුවී තිබෙන්නේ ගෝතමාලාව, හොන්ඩුරාස්, එල් සැල්වදෝරය සහ ඉක්වදෝරය යන රටවලින් පැමිණ ඇති සංක්‍රමණිකයන් පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ලේඛනගත නොවූ සංක්‍රමණිකයන් එක්සත් ජනපද දේශසීමාව හරහා රැගෙන යාමට ජාවාරම්කරුවන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නා බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This