මෙක්සිකෝවේ දී සිදුවූ බස් රථ අනතුරකින් 17ක් මරුට

මෙක්සිකෝවේ දී සිදුවූ බස් රථ අනතුරකින් 17ක් මරුට

බටහිර මෙක්සිකෝවේ මගී බස් රථයක් අධිවේගී මාර්ගයකින් මිටියාවතකට පෙරලීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ

අඩි 164ක් පමණ ගැඹුරු වූ මිටියවතකට බස් රථය පෙරළීයාමෙන් පසු බේරාගැනීම අතිශයින්ම දුෂ්කර බවයි නයාරිට් ප්‍රාන්තයේ ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක ලේකම් Jorge Benito Rodriguez පවසා තිබෙන්නේ

මියගිය අය අතර වැඩිහිටියන් 14 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

මගීන් 40 දෙනෙකු පමණ රැගෙන ටිජුවානා දෙසට ගමන් ගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This