මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට පැමිණි රොස්ලින් සුළි කුණාටුව(PHOTOS)

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට පැමිණි රොස්ලින් සුළි කුණාටුව(PHOTOS)

බටහිර මෙක්සිකෝවට පැමිණි රොස්ලින් සුළි කුණාටුව නිසා අධික වර්ෂාව, හදිසි ගංවතුර මෙන්ම නායයෑම් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රොස්ලින් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 195 (පැයට සැතපුම් 120) උපරිම සුළං සහිත වේගයකින් Nayarit ප්‍රාන්තයේ වෙරළට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

සුළි කුණාටුව එතැන් සිට නිවර්තන සුළි කුණාටුවක් දක්වා පහත වැටී ඇති බවද සඳහන් වනවා

Nayarit ප්‍රාන්තයේ ගංවතුරට ලක් වූ මාර්ගවල වාහන උඩු යටිකුරු වී ඇති අතර, දරුණුතම බලපෑමට ලක් වූ ටෙක්වාලා ප්‍රදේශයේ වහලවල් කඩා වැටීමෙන් සහ නිවාසවලට හානි සිදුව තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ගංවතුර සහ විදුලිය ඇණහිටිම්ද සිදුව ඇති අතර අසල්වැසි Jalisco ප්‍රාන්තයේ Puerto Vallarta නගරයටද සුළි කුණාටුව බලපෑ නමුත් සිදුවූයේ සුළු හානියක් පමණක් බවද එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා

රොස්ලින් සුළි කුණාටුව නිසා නවතා දැමූ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

 

Share This