මෙක්සිකෝවේ රථයක් තුළ මළ සිරුරු 10ක්-පහර දී මැරූ බවට සැකයක්
මෙක්සිකෝවේ මෝටර් රථයක තිබී මළ සිරුරු 10ක් සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
සිදුවීමට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.
මෙම වාහනය පොදු චතුරශ්‍රයක් මැද ප්‍රාදේශීය ප්‍රාන්ත ආණ්ඩුකාර කාර්යාලයකින් පිටත තිබෙනු දැක ඇති අතර මෝටර් රථය පිළිබඳව නිලධාරීන්ට සැකයක් ඇති වීමෙන් පසු පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම මෙක්සිකානු ප්‍රාන්තයේ Zacatecas හි මෝටර් රථයක් තුළදීයි මෙම මළ සිරුරු 10 සොයා ගෙන තිබෙන්නේ.
මධ්‍යම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඩේවිඩ් මොන්රියල් පසුව සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කරනු ලැබුවා
එමෙන්ම මෙම අපරාධය ගැන ආණ්ඩුකාරවරයා පවසා තිබෙන්නේ “පෙනෙන විදිහට මොවුන්ට පහර දී ඇති” බවයි.
මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ පරීක්‍ෂණ සඳහා සහාය වන බවත් මේ වනවිට අවශ්‍ය කටයුතු සිදු වන බවත්ය
සිද්ධිය වූ ස්ථානයේ වීඩියෝවකින් මධ්‍යම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඩේවිඩ් මොන්රියල් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට උත්සාහ කරන බවටද පොරොන්දු වී තිබෙනවා.