මෙක්සිකෝවේ විනෝද චාරිකාවක ආහාර ගනිමින් සිටින ස්ථානයට වලසෙක් කඩා වදියි

මෙක්සිකෝවේ විනෝද චාරිකාවක ආහාර ගනිමින් සිටින ස්ථානයට වලසෙක් කඩා වදියි

මෙක්සිකෝවේ Nuevo León ප්‍රාන්තයේ Chipinque පාරිසරික උද්‍යානයේදී බඩගිනි වී සිටි කළු වලසෙකු අමුත්තන් පිරිසක් වෙත පැමිණ ඔවුන්ගේ මේසය මත නැගී ඔවුන්ගේ ආහාර අනුභව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වලහා එම ස්ථානයට පැමිණි පසු එහි සිටි පුද්ගලයන් නොසෙල්වී සිට ඇති අතර සත්ත්වයා අමුත්තන්ගේ ආහාර කෑමට ගෙන තිබෙනවා.

එක් අවස්ථාවකදී වලසා එහි සිටි දරුවෙකු සහ ඔහුගේ මව ඉව කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා.

Montero අග නගරයේ කළු වලසුන් හමුවීම වැඩිවී ඇති අතර කඳු ආශ්‍රිත උද්‍යානවල, අසල්වැසි ප්‍රදේශවල සහ වීදිවල මිනිසුන්ට සහ වලසුන්ට අවදානම වැඩි කරන බව උද්‍යානයේ අමුත්තන්ට අනතුරු අඟවා තිබෙනවා.

පුද්ගලයෙකුට එක් වලසෙකු හමු වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලැයිස්තුවක් ද උද්‍යානය මාර්ගගතව සපයා ඇති අතර ඒවායින් එකක් වන්නේ , අමුත්තන් කිසිවිටක වලසෙකුට සමීපව ඡායාරූප ගැනීමට උත්සාහ නොකළ යුතු බවයි.

Share This