මෙක්සිකෝ ගින්නට සැක 8ක් හඳුනා ගැනේ (VIDEO)

මෙක්සිකෝ ගින්නට සැක 8ක් හඳුනා ගැනේ (VIDEO)

මෙක්සිකෝ දේශසීමාවේ Ciudad Juárez හි සංක්‍රමණික මධ්‍යස්ථානයක පැතිර ගිය ගින්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා වගකිව යුතු යැයි සිතන සැකකරුවන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සැකකරුවන්ගෙන් පස් දෙනෙකු එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් බවටයි වාර්තා වී තිබෙන්නේ.

මෙක්සිකානු ජනාධිපති Andrés Manuel López Obrador පවසා තිබෙන්නේ නිත්‍යානුකුලව මේ සඳහා වගකිව යුතු අයට දඬුවම් කරන බවයි.

කෙසේ වෙතත්, ගින්න ආරම්භ වූ පසු රැඳවියන් නිදහස් කිරීමට ආරක්ෂකයින් අසමත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කණ්ඩායම් විසින් විමසා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙක්සිකානු බලධාරීහු පවසන්නේ ගින්න ඇති වන විට මිනිසුන් 68 දෙනෙකු එම ස්ථානයේ සිටි බවයි.

Guatemala, Colombia, Ecuador, El Salvador, Honduras සහ Venezuela යන රටවලින් පැමිණි අය මෙහි සිටි බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This