මෙරටට පැමිණි සංචාරකයින් අද ලක්ෂ 15 සම්පූර්ණ කරයි

මෙරටට පැමිණි සංචාරකයින් අද ලක්ෂ 15 සම්පූර්ණ කරයි

අද (18) ප.ව 3.00 වන විට සංචාරකයින් ලක්ෂ 15 ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළා.

X සටහනක් තබමින් අමාත්‍යවරයා මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද පළ කර තිබෙනවා.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටිනවා.

Share This