මෙරටට පැමිණෙන එන්නත්කරණය සම්පූර්ණ කළ සංචාරකයින්ට දැනුම් දීමක් (වීඩියෝ)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වන කොවිඩ් මර්දන නීති මාර්තු පළමු වැනිදා සිට තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශ අනුව පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති සංචාරකයින්ට මෙරටට ඇතුළුවීම සඳහා පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීකෂණ අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා යොදා තිබූ සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් දක්නට තිබෙනවා.
මාර්තු පළමු වැනිදා සිට තවදුරටත් සංචාරකයින්ට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති සංචාරකයින්ට මෙරටට ඇතුළුවීමේදී සති දෙකක් තුළ ලබාගත් කොවිඩ් පරීකෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම මාර්තු පළමු වැනිදා සිට අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසුවේ පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙන්නේ දැනට භාවිතයට ගැණෙන කොවිඩ් මර්දන එන්නත සඳහා එම නිෂ්පාදන සමාගම් විසින් ලබාදී ඇති නිර්දේශයි.
ඒ අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත පමණක් එක් මාත්‍රාවක් පූර්ණ එන්නත් මාත්‍රාවක් ලෙස සැළකෙන අතර සෙසු එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙනවා.
කෙසේ වෙතත් අදාළ සංචාරකයින් දිවයිනට පැමිණීමට දින 14 කට පෙර මෙම නිර්දේශිත පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා එක් මාත්‍රාවක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය සේ සළකන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසුවා.
මේ අතර එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති දින 7 කට පෙර සහ මාස 6 ක් ඇතුළත කොවිඩ් ආසාදනය වූ අයෙක් නම් එක් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අංශ පැවැසුවේ.
කෙසේ වෙතත් කොවිඩ් 19 ආසාදනය වූ බවට පරීකෂණ වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් සහ එන්නත් පළමු මාත්‍රාව ලබාගත් බවට වූ කාඩ්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
.