
මෙරටදී විද්‍යුත් විකාශන සමුළුවක්
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව විද්‍යුත් විකාශන සමුළුවක් මෙරටදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී අදාළ සමුළුව හරහා වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග, වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වන වේදිකාවක් වනු ඇති බවටයි සාකච්ඡාවට ලක්ව ඇත්තේ.
සදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සඳහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව එහිදී අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.
එහිදී ඉදිරි වසර 05දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.