මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගැන නවතම අනාවරණයක් (වීඩියෝ)
මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ අතරින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් නො වූවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය අන්වර් හම්දානි මහතා මේ බව සඳහන් කළා.
කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
එහිදී ඇය සඳහන් කළේ වෛද්‍ය නිර්දේශයකින් තොරව කොවිඩ් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සුදුසු නොවන බවයි.
මේ අතර ඊයේ (04) දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතන් සංඛ්‍යාව 1243ක්.
ඒ, අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 615,902ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ (04) දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 29ක් වාර්තා වූ අතර, ඒ අනුව 15,554ක් දක්වා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.