මෙරට අපනයන භාණ්ඩ සඳහා බ්‍රිතාන්‍යයෙන් හිමි වූ තීරුබදු සහන

මෙරට අපනයන භාණ්ඩ සඳහා බ්‍රිතාන්‍යයෙන් හිමි වූ තීරුබදු සහන

මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා.

අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග එම අවසරය හිමිව ඇති බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත්තේ.

මේ හරහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය ඉහළ යනු ඇති බව සඳහන්.

අදාළ වෙළෙඳ යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍යය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා මෙම තීරු බදු සහන ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බ්‍රිතාන්‍යය වන අතර දෙරටේ වෙළෙඳ සබදතා ශක්තිමත් කර ගැනීම මෙන්ම පුළුල් කරගැනීම අපේක්ෂාව වන බවයි.

Share This