මෙරට ක්‍රියාත්මක USDA ආහාර වැඩසටහන නිරීක්ෂණයට එක්වූ ජුලී චන්ග්

මෙරට ක්‍රියාත්මක USDA ආහාර වැඩසටහන නිරීක්ෂණයට එක්වූ ජුලී චන්ග්

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) අරමුදල් ලත් McGovern-Dole International Food for Education and Child Nutrition ආහාර වැඩසටහන නිරීක්ෂණය කිරීමට මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග්, කොළඹ මහරගම බුවනෙකබා ප්‍රාථමික පාසලට පැමිණ තිබෙනවා.

එම පාසලේ සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ පාසල් ආහාර සපයන්නන් සමග තානාපතිවරිය සුහඳ පිළිසඳරක ද නිරත වී ඇති බව සඳහන්.

එහිදී මෙම වැඩසටහන දරුවන්ගේ සෞඛ්‍යයට සහ අධ්‍යයන සාර්ථකත්වයට ධනාත්මක ලෙස බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Share This