මෙරට කිසිඳු පක්ෂයකට අමෙරිකාවේ විශේෂ සහායක් නෑ -ජුලී චංග්-

මෙරට කිසිඳු පක්ෂයකට අමෙරිකාවේ විශේෂ සහායක් නෑ -ජුලී චංග්-

කිසිඳු රටක රාජ්‍ය පාලනය වෙනස් කිරීමට අමෙරිකාව මැදිහත් නොවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී අමෙරිකාව කිසිඳු අපේක්ෂකයෙකුට සහය පළ කිරීමක් සිදු නොකළ බවත්, ඉදිරි මහ මැතිවරණයට ද කිසිඳු පක්ෂයක් වෙනුවෙන් අමෙරිකාව සහය දැක්වීමක් සිදු නොකරන බව ඒ මහත්මිය සඳහන් කර සිටියා.

ඇතැම් පක්ෂ වෙත අමෙරිකාව විශේෂ සහයක් පළ කර ඇතැයි එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සෑම රජයක් සමඟම සබඳතා පවත්වා ගැනීම අමෙරිකාවේ ප්‍රතිපත්තිය බවත් වැඩිදුරටත් සඳහන් කරන බවයි වාර්තා වන්නේ.

Share This