මෙරට කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළට

මෙරට කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළට

රටේ කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසු බව  දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මේ තත්ත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු කිරීම වැදගත් බවයි  වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරන්නේ

රෝහල්වලට  දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව  7010 ක් බවත් ,රෝහල්වල දැනට ඔක්සිජන් මත යැපෙන රෝගීන්  105 ක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 55 ක් බවත් හම්දානි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර ඒකකයන්හි  ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව මේ වනවිට  යම් පහළ  මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසා හෙයින්  එන්නත්කරණයට  වැඩි වැඩියෙන් යොමු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අන්වර් හම්දානි මහතා පවසනවා

Share This