
මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ -ජනපති-
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමින්.
සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක ද නිරත වී තිබෙනවා.