
මෙරට පර්යේෂණ ආයතනවලට පන දෙන්න විද්‍යා හා තාක්ෂණ ඇමති සූදානම්
මෙරට පර්යේෂණ ආයතනවල හැකියාවන් තව තවත් සංවර්ධනයට පියවර ගැනීම රජයේ අරමුණ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අනුබද්ධ ආයතනක් වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) අභිමානවත් 70 වන සංවත්සර සැමරුම සහ 2025 – පර්යේෂණ සමුඵව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්.
සැමරුම් උත්සවය ඊයේ (02) වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත් වුණා.
ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයේ අනුප්‍රාප්තිකයා ලෙස 1955 දී පිහිටුවන ලද කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ බහුවිධ පර්යේෂණ සහ සංවර්ධනයේ පුරෝගාමී ඉතිහාසයක් ඇති ආයතනයක්.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ මෙවැනි පර්යේෂණ ආයතනවලට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම් මෙන්ම පර්යේෂණ උපකරණ සැපයීමෙන් ඒවායේ හැකියාවන් තව තවත් සංවර්ධනයට කටයුතු කිරීම රජයේ අරමුණයි. දැනටත් මෙරටට අවශ්‍ය සමහර පර්යේෂණ විදේශයන් වෙත යොමු කෙරෙනවා. ඒ සඳහා වැය කරන්නේ රටේ මුදල්. එවැනි පර්යේෂණ ද මෙරටදීම සිදුකළ හැකි ලෙස පර්යේෂණ ආයතන සංවර්ධනය කිරීමත්, එම ආයතනවල සේවාවන් මෙරටට පමණක් නොව අවම වශයෙන් දකුණු ආසියානු හා ආසියානු කලාපවලටත් ලබා දිමට පහසුකම් සැලසීමට අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.” යනුවෙන් පැවසුවා.
70 වසරක දීර්ඝ ගමන් මග තුළ කාර්මික තාක්ෂණ ආයතනයේ නාමය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බැබලවීම සඳහා පර්යේෂණ හා සංවර්ධන සහ තාක්ෂණික අංශයන්ගෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ජීවිතයේ ඒක් වරක් පමණක් පිදෙන සම්මානයෙන් එම ආයතනයේ වත්මන් අධ්යක්ෂ ජනරාල් ධූරය හොබවන මහාචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පිදුම් ලැබීම විශේෂත්වයක්.
ඊට අමතරව මෙම සංවත්සර උත්සවයේ දී, දීර්ඝ සේවා කාලයක් සහිත ආයතනයේ නිලධාරීන් ඇගයීම සිදු කෙරුණු අතර, 2023 – 2025 කාලයට අදාලව හොදම පර්යේෂකයා, හොදම වාණිජකරණය කරන පේටන්ට් බලපත්‍රය, හොදම සහායක සේවය සැපයීම, තාක්ෂණික සේවා වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ විශිෂ්ටත්වය, පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ විශිෂ්ටත්වය යන අංශවලට ඇගයීම් සම්මාන පිරිනැමුවා.
එමෙන්ම දිගුකාලීනව ආයතනයට සහාය දුන් සහ විශ්වාස කළ ගනුදෙනුකරුවන්ට උපහාර දැක්වීමත්, 2023 සිට 2025 දක්වා කාලය තුළ ආචාර්ය උපාධි ලබා ගත් සහ ආචාර්ය උපාධි සිසුන් අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කළ ITI විද්‍යාඥයින්ට ඇගයීම් සම්මාන ප්රදානය කිරීමද සිදු කෙරුණා.
