මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 15ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 15ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අද (15) අළුයම් කාලයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා

එමෙන්ම ඉන්දීය ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබෙනවා

එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු කළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා දහසයක් සහ ධීවරයින් එකසිය විසිපස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව සඳහන්

Share This