
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් රිමාන්ඩ්
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
පසුගිය 27 වනදා රාත්‍රී කාලයේදී කන්කසන්තුරය මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතුවල නිරතවන බවට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයෙකු විසින් නාවික හමුදා නිලධාරියෙකු සමග පොරබැදීමක් සිදුවුණා.
එහිදී නාවික හමුදා නිලධාරියෙකුගේ රාජකාරී ගිනිඅවිය ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී ධීවරයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කරනු ලැබුවේ යාපනය මහ රෝහලටයි.
මීට අමතරව ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින යාත්‍රාව ඇතුළු දේපළ නාවික හමුදා භාරයටත් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.