
මෙරට විදෙස් ණය අමෙරිකානු ඩොලර් බිලියන 37යි -ජනපති-
මෙරට විදෙස් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37ක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊට ද්වීපාර්ශ්වික ණය අමෙරිකානු ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් ඇතුලත් වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
අද (02) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශය සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය ජුනි මස 6 වනදා මෙරට නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීමේ එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ එකඟතාවයන්ට සහ ගිවිසුම්වලට අත්සන් තැබූ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.