මෙරට විදේශ අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
මෙම වසරේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 4345ක් ලෙස සටහන් වී තිබුණා.
කෙසේවෙතත් මෙම වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළදී එය අමෙරිකානු ඩොලර් මිලියන 4844ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.05ක ඉහළ යාමක් බව සඳහන්.