මෙරට සතුව ඇති සංචිත ප්‍රමාණය ගැන මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය කියයි

මෙරට සතුව ඇති සංචිත ප්‍රමාණය ගැන මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය කියයි

ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 3.6 ක පමණ විදේශ සංචිත ප්‍රමාණයක් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටක් ලෙස ශ්‍රී ලංකාව නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවයි

අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවා.

එමෙන්ම පසුගිය සතියේදී රටේ ආර්ථිකයට වැදගත් වන පනත් දෙකක් සංශෝධනය කිරීමටත්, තවත් රටේ ආර්ථිකය හා සම්බන්ධ රෙගුලාසි දෙකකට විවාදයකින් තොරවම පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ආනයන අපනයන පනත සහ විනිමය පාලන සම්බන්ධයෙන් වූ රෙගුලාසි 02 ක් සඳහා අනුමැතිය ලබාගැනීමටත්, දේශීය ආදායම් පනත සහ සමාජ ආරක්ෂණ බදු පනත් සංශෝධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ, සහල් මෙන්ම ප්‍රතිඅපනයනය සඳහා ඔප නොදැමූ මැණික් ආනයනය කිරීමේදී පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ද ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This