
මෙසී නොමැති තරගය බැලූ අයට 50%ක මුදල් ආපසු?
ලයනල් මෙසී අවසන් මොහොතේදී තරගයට නොපැමිණෙන බව දැනුම් දීමෙන් පසු එම තරගය නැරඹීමට ටිකට් ගත් හොංකොං ක්‍රීඩා ලෝලීන්ට 50%ක මුදල් නැවත ලබාදෙන බව තරග සංවිධායකයින් පවසනවා.
කෙසේවෙතත් මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන ටිකට්පත් හිමියන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එකඟ විය යුතු බවයි Tatler Asia පවසා ඇත්තේ.
මුදල් ආපසු ගෙවීම සඳහා ඩොලර් මිලියන 7ක පමණ මුදලක් ($7.1m) වැය විය හැකි බව සඳහන්.
මෙසී තරග කරනු නැරඹීමට රසිකයින් ටිකට් ගෙන තිබුණත් තරගය පුරාවටම මෙසී අබාධයක් හේතුවෙන් බංකුවක වාඩිවී සිටියා.
පසුව හොංකොං ක්‍රීඩාංගණයේ නරඹන්නන් 38,000ක් පමණ ඝෝෂා කරමින් තරගය අවසානයේ මුදල් ආපසු ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ නිසා ටිකට්පතට වැයවූ මුදලින් 50% ක් නැවත ගෙවීමටයි තරග සංවිධායකයින් තීරණය කර ඇත්තේ.
