මෙහෙම ජීවිත සෙල්ලමට ගන්න බස් රථ රියදුරන්ට නීතියක් නැද්ද? (VIDEO)

මෙහෙම ජීවිත සෙල්ලමට ගන්න බස් රථ රියදුරන්ට නීතියක් නැද්ද? (VIDEO)

පොළොන්නරුව – කදුරුවෙල සිට කොළඹ යන මාර්ගයේ NE – 7549 පෞද්ගලික මාර්ගස්ථ මගී ප්‍රවාහනයට අයත් බස් රථය ඊයේ ප.ව. 4.00-4.45 අතර මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ දෙසට ධාවෙනය කිරීමේදී අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ ඩබල් ඉරිද කපා ඉතාමත් අනතුරුදායක අන්දමින් ධාවනය කරන ආකාරය පිටුපසින් පැමිණි මෝටර් රථයක සවිකර තිබුණු ඉදිරිපස කැමරාවේ සටහන් වී තිබුණා.

මෙම බස් රථය මීට ප්‍රථම ද මේ ආකාරයෙන්ම අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කරන බස් රථයක් බවට ප්‍රදේශවාසින්ද හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධව අදාළ රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කළත් ඔවුන්ද නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

එම රියදුරාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධව එම දර්ශන පෙළ ලබාදී ඔවුන් ඉල්ලා සිටියේ මෙය සමාජගත කර මෙවැනි රියදුරන්ට අපරික්ෂාකාරී ලෙස ජීවිත අනතුරට පත් කරමින් ධාවනය කිරීමට ක්‍රියා නොකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම රියදුරා ඉදිරිපසින් එන බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී වංගු සහිත ස්ථානයකින් අනික් බස් රථය අනතුර වළක්වා ගන්නා ආකාරයද එම දර්ශන වල පටිගත වී තිබෙනවා.

Share This