
මේ අයවැය ලැබූ ජනවරමට පිටුපා සකස් කළ අයවැයක් -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස-
2025 අයවැය පළිබඳ සාකච්ඡා කරන විට මෙම අයවැය තුළින් රටට ලබා දී ඇති විසඳුම හා පිළිතුරු පිළිබඳ විශ්ලේෂණය කරන විට මෙවැනි අයවැයක් ක්‍රියාත්මක කිරීමට ලැබූ වරම සහ එම වරම ක්‍රියාත්මක කිරීම ගැන සංසදනයක් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රට අනුරට කියා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවේ ඇති ගුණාංග අයවැයේ තිබේ ද කියා බැලීමේ දී පොරොන්දු වූ ආකාරයට ලබා ගත් වරමට සරිලන ආකාරයට මෙම අයවැය නිර්මාණය නොවී ඇති බවයි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජයේ අයවැය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් නිර්මාණය කරනවා යැයි සදහන් වුවත් ඒ පොරොන්දුව බැහැර කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
අද වන විට ජනතාව මත අසීමිත පීඩනයක් අසහනයක් පටවන, ජනතාවට ලබා දෙන ප්රතිලාභ සීමා කෙරෙන, 2024 මූල්‍ය කළමනාකරණ පනතට අනුව ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ 13%ට සීමා කර ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදතයේ 2.3%ට සීමා කර ඇති බවත් එවැනි සීමා කර ඇත්තේ ලෝකයේම රටවල් 10ක පමණක් බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.
මේවා රජයේ මැතිවරණ පොරොන්දුවක් නොවන බවත් මේවා මැතිවරණයෙන් ලැබූ ජනවරම ක්‍රියාත්මක කිරීමක් නොවන, ජනවරම පාවා දීමක් සහ ජනවරම විනාශ කිරීමක් බවත්, කියූ දේවල් සියල්ල අමතක කර කටයුතු කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියා.
IMF එකගතාව ජාත්‍යන්තර බැදුම්කර එකගතාව දැඩි ලෙස පීඩාකාරී අසහනකාරී ගිවිසුමක් බවත් IMF වැඩපිළිවෙළින් ඉවත් නොවී වඩාත් ජනතාවාදී මානුෂීයවාදී ජනතාවගේ පැත්තෙන් සිතා බලා නව ගමනකට යා යුතු වුවත් රජයේ මේ සීමා නිසා බාහිරතාවලට අදාළ නිවැරදි කිරීම් කළ නොහැකිව සමාජ පිරිවැයක් නිර්මාණය වී ඇති බවද ඒ මහතා පෙන්වාදී තිබෙනවා.
මෙහිදී ප්‍රේමදාස මහතා කියා සිටියේ රජයක වගකීම වන්නේ පොදු භාණ්ඩ සැපයීම වුවත් එයටද මේ සීමා බාධා වී ඇති බවයි.
මෙවැනි සීමා කිරීම් රටක දියුණුවට අගතිගාමී සෘණාත්මක බලපෑමක් වුවත් පැහැදිලිවම රජය මේ සියල්ල අමතක කර ඇති බවද ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියා.
එදා මේ ගිවිසුම් වෙනස් කරනවා කිව්වත් ඒවා අමතක කර ජනතා වරමින් ලබා ගත් වත්මන් රජය එම ජනවරම සම්පූර්ණයෙන්ම පාවා දී ඇති බවයි වැඩිදුර අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.