
මේ වසරේදී ආර්ථිකයේ 4.5%ක වර්ධනයක්. අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත්වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාවට අනුව මේ වසරේදී ආර්ථිකය 4.5%කින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරනවා.
ඉල්ලුම පදනම් කරගෙන උද්ධමන පීඩනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළා.
මෙවන් පසුබිමක් තුළ එළිදැක්වූ ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් ආර්ථිකයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ පැහැදිලි කිරීමක් ජනතාවට ලබා දෙනවා.
විශේෂයෙන්ම රටේ උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්මද මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් හඳුනා ගැනීමට පුළුවන්.
එමෙන්ම ආර්ථිකයේ පවතින අවධානම පිළිබඳව ඇගයීමක් ලබාදෙන මුදල් ප්‍රතිපත්ති වාර්තාව ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ සුබවාදී වාතාවරණයකට ඉතා යහපත් පුරෝකථනයක් සපයනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව පහත සඳහන් සබැඳියෙන් ඔබට නොමිලේ ලබා ගැනීමට පුළුවන්.
https://www.cbsl.gov.lk/si/ප්‍රකාශ්‍න/ආර්ික-සහ-මූලය-වාර්තා/මුදල්-ප්‍රතිපේති-වාර්තා