
මේ වසරේ අගෝස්තුවලට වඩා සැප්තැම්බර් මාසික පාරිභෝගික උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ වසරේ සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව 2025 අගෝස්තු මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී තිබෙනවා.
2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් දක්වා වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එමෙන්ම, 2025 අගෝස්තු මාසයේ දී 0.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් දක්වා වැඩි වී ඇති බවයි.