මේ වසරේ මාස 8 ට සචාරකයින් මිලියන 1.4 ක් ඇවිත්

මේ වසර තුළ ගත වූ මාස 8 ක කාලය තුල විදෙස් සංචාරක යින් 1,408,335 මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක් වුණේ ජූලි මාසය තුල සංචාරක යින් මෙරටට 200,244 පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේ මුල් දින 05 ක කාලය තුල මේ වන විට සංචාරකයින් 40,047 දෙනකු පැමිණ තිබෙනවා.

මේ මාසයේ මුල් දින 05 තුල මෙරටට වැඩි වශයෙන් පැමිණි සංචාරකයින් අතර ඉන්දියානුවන් 6963 ක් පැමිණැ තිබෙනවා.

එක්සත් රාජධානියෙන් පැමිණ සිටින සංචාරකයින් සංඛ්‍යාව 4,345 ක්.

චීන ජාතිකයින් මේ කාලය තුල 3,090 පැමිණ ඇති අතර ප්‍රංශ ජාතිකයින් 3,049 පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

 

 

Share This