
මේ වසරේ මැයි මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්යේ දර්ශකය පසුගිය මැයි මාසයේ දී
දර්ශකාංක 59.7ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුව පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ උත්සව සමය හමුවේ මන්දගාමී වූ ඉදිකිරීම් කටයුතු මැයි මාසයේ දී යථාතත්ත්වයට පත් වූ බවයි.
මේ පිළිබදව මහ බැංකුව සමීක්ෂණයක් සිදු කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූවන් විසින් වාර්තා කළ පරිදි, මැයි මාසය තුළ දී, විශේෂයෙන් මාර්ග සංවර්ධන කටයුතුවල නව ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
මහ බැංකුව පෙන්වා දුන්නේ එය නව ඇණවුම් දර්ශය ඉහළ යෑමට හේතු වූ බවයි.
සමස්ත ක්‍රියාකාරකම් සහ නව ඇණවුම්වල වැඩිවීමට සමගාමීව තොග මිලදී ගැනුම් දර්ශකය ද මැයි මාසය තුළ දී ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ දී සේවා නියුක්ති දර්ශකය අඩු වේගයකින් පහත වැටුණ බව මහ බැංකුව පවසනවා. මහ බැංකුව පෙන්වා දෙන්නේ ඇණවුමක් සැපයීමට
සැපයුම්කරුවන්ට ගතවෙන කාලය මැයි මාසය තුළ දී පහළ ගිය බවයි.
නව ව්‍යාපෘති පිළිබඳ අප්‍රේක්ෂා ඉහළ යෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා වන අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතින බව මහ බැංකුව තවදුරටත් පවසනවා.