
මේ වසරේ රට තුළ ආර්ථික ප්‍රගතියක්
ඉකුත් වසරක කාලය තුළ ආර්ථික සංවර්ථධනයට අදාළ තොරතුරු හා වෙනත් ක්ෂේත්‍රවල ප්‍රගතිය එළි දක්වා තිබෙනවා.
ඊට අනුව ආදායම් වියදම් අතර පරතරය අඩු කල වසරක් වන අතර එමඟින් මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රජය අපේක්ෂා කරන්නේ ලබන වසරේ පොලී වියදම අඩු වීමක්.
පරිපූරක ඇස්තස්තමේන්තු නොමැති වසරක් ලෙස මේ වසර සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් වල පවත්වා මගන යාමට හැකියාව ලැබී ඇතැයි රජය ප්‍රකාශ කළා.
එමෙන්ම බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8% ක ප්‍රමාණයක පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්ව තිබෙනවා.
රජතේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සැලකීමේ දී මේ වසරේ පළමු මාස 6 තුළ රාජ්‍ය ආදයම රු. බිලියන 2321 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස 6
තුළ ලබා ඇත්තේ රු.බි. 1,864 ක් බව රජය නිකුත් කළ වාර්තාවල සදහන්.
රාජ්‍ය බදු ආදායම පසුගිය වසරේ පළමු මාස 6 තුළ ආදායම් බදු ලෙස ලැබී තිබුණේ රුපියල් බිලියන 1709 ක් වුවද මේ වසරේ එය රුපියල් බිලියන 2,152.09 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
සංචාරක ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස 17 වන තුරු විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන් ගේ වීසා ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබීමත් විශේෂයි.
මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක ක ර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ථධනයක්.
