මේ වසරේ සැප්තැම්බර් වන විට රේගු ආදායම රු. බිලියන 1485 ක්

මේ වසරේ සැප්තැම්බර් වන විට රේගු ආදායම රු. බිලියන 1485 ක්

රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සැප්තැම්බර් 30 වන විට 117% කින් සපුරාලීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මේ පිළිබඳ අනාවරණ වූයේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා වේගුවේ ආදායම් ප්‍රගතිය සම්බන්ධයෙන් කළ විමසා බැලීමේ දීයි.

එම කාරක සභාව පවසන්නේ පසුගිය සැප්තැම්බර් මස 30 වන විට රේගු ආදායම රු. බිලියන 1485 බවත් ඒ අනුව මේ වනවිට රු. බිලියන 1737 ලැබී ඇති බවත් එහි නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දන්වා තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සෑම මසකම රේගු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති ආකාරය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පැහැදිළි කර තිබෙනවා.

වැඩිම ආදායමක් හිමිවී ඇති වාහන ආනයනය මගින් ඔක්තෝබර් 14 වනවිට රු. බිලියන 587.11 උපයා තිබෙන බව අනාවරණය වුණා.

එය සමස්ත ආදායමෙන් සියයට 37 ක ප්‍රතිශතයක්.

ඔක්තෝබර් 14 වනවිට මෙරටට ආනයනය කර ඇති මෝටර් රථ ප්‍රමාණය 55,447ක්.

එමගින් රේගුව උපයා ඇති ආදායම රු. බිලියන න 474.26 ක මුදලක් බව රේගුව පවසනවා.

යතුරු පැදි 142,524 ක් ආනයනයෙන් සහ ත්‍රි රෝද රථ 15,035 ක් ආනයනයෙන් රේගුව පිළිවෙලින් රු.බිලියන 30.37 ක් හා රු. බිලියන 15.10 ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

වෑන් රථ 1679 ක් ආනයනය කර ඇති අතර ඉන් උපයා ඇති ආදායම රු. බිලියන 12.66 ක්.

Share This