මොරගල්ල මුහුදේ ගිලී වියට්නාම් කාන්තාවක් මරුට

මොරගල්ල මුහුදේ ගිලී වියට්නාම් කාන්තාවක් මරුට

මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නම් ජාතික කාන්තාවක් අද පෙරවරුවේ දීයේ ගිලී මිය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට දියනෑමට ගිය වියට්නාම් ජාතික 48 හැවිරිදි කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.

මෙසේ දියවැලකට හසුව ගසා ගොස් සිටි වියට්නාම් ජාතික කාන්තාවගේ මෘත දේහය මේ වන විට බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

බෙන්තර පොලිසිය පැවසුවේ මෙම විදේශ ජාතික කාන්තාව ඇතුළු කණ්ඩායමක් ඊයේ රාත්‍රී මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයට කණ්ඩායමක් වශයෙන් පැමිණ ඇති බවයි.

ඔවුන් මොරගල්ල වෙරළ තීරයේ සංචාරය කරමින් සිටියදී මෙම කාන්තාව දියට බැස විනෝද වී ඇති අතර, එකවරම එම කාන්තාව දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

 

Share This