
මොරටුව – එගොඩ උයන වෙරළට මළසිරුරක් ගොඩ ගසයි
මොරටුව – එගොඩ උයන පොලිස් බල ප්රදේශයේ මෝදර ,ජයගත්පුර වෙරළ තීරයට නන්ඳුනන නිරුවත් සිරුරක් අද උදෑසන ගොඩ ගසා තිබෙනවා.
පොලිසිය පැවසුවේ එගොඩඋයන පොලීසියට ලැබුණ තොරතුරක් මත එම ස්ථානය පරීක්ෂා කර මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිදු පීරිස් කැදවා එම ස්ථානයේ එගොඩ උයන පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
මොරටුව වැඩබලන මහේස්ත්රාත් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 – 60 පමණ පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළ කරනවා.
