මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 1000 ඉක්මවයි

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 1000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 1,037 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මොරොක්කෝවේ Marrakesh සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ High Atlas කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ භූමිකම්පාවෙන් අල්-හවුස් (al-Haouz), මරකේෂ් (Marrakesh), ඕවාර්සාසේට් (Ouarzazate), අසිලාල් (Azilal), චිචාඕවා (Chichaoua) සහ ටරෝඩන්ට් (Taroudant) යන පළාත්වල සහ නගරවල මිනිසුන් මිය ගොස් ඇති අතර පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි

කෙසේ වෙතත් භූ කම්පනයෙන් පසු ප්‍රබල පසු කම්පන තත්ත්වයක් හට ගැනීමක් ගැන මොරොක්කෝ රජය අනතුරු අඟවමින් එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ නැවත සිය නිවෙස්වලට නොයන ලෙසයි

ඒ හේතුවෙන් බොහෝ ජනතාවක් එළිමහනේ රාත්‍රිය ගත කර තිබෙනවා

මෙම භූ කම්පනය අසල්වැසි ඇල්ජීරියාවට ද දැනී ඇති නමුත් ඉන් කිසිදු හානියක් හෝ ජීවිත හානි සිදුව නොමැති බව සඳහන්

දිල්ලි නුවර පැවති ජී 20 සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව මොරොක්කෝවේ සහයට පැමිණෙන බවයි

Share This