මොරොක්කෝවේ සිදුවූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන ඉහළට – තවදුරටත් මෙහෙයුම්

මොරොක්කෝවේ සිදුවූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන ඉහළට – තවදුරටත් මෙහෙයුම්

මොරොක්කෝවේ සිදුවූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන 2,900 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා කාලය සමග දැඩි සටනක යෙදෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මාරකේෂ් සංචාරක මධ්‍යස්ථානයට නිරිත දෙසින් පිහිටි ඇට්ලස් කඳුකරයේ පසුගිය සිකුරාදා අගභාගයේදී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් ඇතිවුණා

මොරොක්කෝ සහ ස්පාඤ්ඤ ගලවාගැනීම්කරුවන් භූමිකම්පාවෙන් කඩා වැටුණු නිවසකින් එකම පවුලක සාමාජිකයින් පස් දෙනෙකු ගලවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව සඳහන් වනවා

මොරොක්කෝ හමුදා තම නිවාස අහිමි වූ නිවැසියන්ට බ්ලැන්කට් සිය ගණනක් ලබා දී ඇති අතර මාර්ගවලට හානි වීම නිසා ගිලන්රථ සහ මෝටර් රථවලින් ආධාර සැපයීමට උත්සාහ කළ නමුත් මඩ කන්දක් කඩා වැටීමෙන් පසු ප්‍රදේශවලට ප්‍රවේශ වීම ඇණහිට තිබෙනවා

බ්‍රිතාන්‍ය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙන්ම ස්පාඤ්ඤයෙන් ද සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යැවීමට කළ ඉල්ලීම් මොරෝක්කෝවෙන් පිළිගත් බවද ඊයේ(11) නිවේදනය කරනු ලැබුවා

 

Share This