
මොරොක්කෝ තානාපති සහ අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ, මොරොක්කෝ තානාපති මොහොමඩ් මලිකි මහතා සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කර තිබෙනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිනුමේ දක්වා ඇත්තේ දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම සඳහා මෙය ඉතා හොඳ අවස්ථාවක් වූ බවයි.
මෙම හමුවෙන් ජාතීන් දෙකටම අන්‍යෝන්‍ය ප්රතිලාභ ගෙන දිය හැකි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.
