මොස්කව්වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

මොස්කව්වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

මොස්කව් අගනුවර ගොඩනැගිලි දෙකකට හානි කළ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස යුක්‍රේනය සිටින බවට රුසියාව චෝදනා කර තිබෙනවා

යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද තහවුරු කර තිබෙනවා.

රුසියාවේ Tass ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙන්නේ එක් ඩ්‍රෝන යානයක් ආරක්ෂක අමාත්‍යාංශයට ආසන්නව වැටී ඇති බවයි.

යුක්‍රේන රජය තවමත් අදහස් දක්වා නොමැති බවද සඳහන් .

මොස්කව් නගරාධිපති Sergei Sobyanin පැවසුවේ ඩ්‍රෝන ප්‍රහාර නේවාසික නොවන ගොඩනැගිලිවලට පහර දුන් බවයි.

ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුවී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This