මොස්කව් නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

මොස්කව් නගරයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාවෙන් යුක්‍රේනයට චෝදනා

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මොස්කව් නගරයට ප්‍රථමවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ පිළිබඳව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවම වශයෙන් ඩ්‍රෝන යානා අටක් භාවිතා කරමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

කෙසේවෙතත් යුක්‍රේනය මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කියෙව් වෙත එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාර මාලාවකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවත් ගොඩනැගිලි කිහිපයකට සුළු හානි සිදුව ඇති බවත් බලධාරීහු සඳහන් කරනවා

Share This