මෝටර් රථයක් කඩා වැදීමෙන් අමෙරිකාවේ සිසුවියන් සිව් දෙනෙකු මරුට

මෝටර් රථයක් කඩා වැදීමෙන් අමෙරිකාවේ සිසුවියන් සිව් දෙනෙකු මරුට

අමෙරිකාවේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් සිසුවියන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

22 හැවිරිදි වියේ පසුවන සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This