මෝටර් රථයේ ගැටුණු කාන්තාවකගේ සිරුරද ඇදගෙන රිය ධාවනය කළ අයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට (VIDEO)

මෝටර් රථයේ ගැටුණු කාන්තාවකගේ සිරුරද ඇදගෙන රිය ධාවනය කළ අයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට (VIDEO)

ජනවාරි 1 වැනිදා ඉන්දියාවේ දිල්ලි අගනුවරදී 20 හැවිරිදි කාන්තාවකගේ බිහිසුණු මරණය එරට ජනතාව කම්පනයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම කාන්තාව ජනවාරි 1 වනදා රැකියාවට ගොස් ආපසු එමින් සිටියදී ඇගේ ස්කූටරය මෝටර් රථයක ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

මෙම මෝටර් රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර එහි රියදුරු, කාන්තාවගේ සිරුරද ඇදගෙන කිලෝමීටර් ගණනක් ධාවනය කර ඇති බවයි එරට පොලිසිය පවසා තිබෙන්නේ

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් ඔවුන් මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර මරණය සිදුකිරීම සම්බන්ධයෙන් චූදිතයින්ට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මිය ගිය කාන්තාවගේ සිරුර මහමග දමා මොවුන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

 

Share This