මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් ඇතුලු 3 ක් ඇප මත නිදහස්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් ඇතුලු 3 ක් ඇප මත නිදහස්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණි ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළා.

ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇපද නියම කර ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරනු ලැබුවා.

Share This