
“මෝදර නිපුන” ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කළ සහෝදරයා “මෝදර චතූ” සහ තවත් අයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර නිපුණගේ සහෝදරයා වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින “මෝදර චතු” නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි හතකට ආසන්න ප්‍රමාණයක්, ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 20 සහ 26 වයසේ පසු වන දෙදෙනක්.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝදර ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය භාරයට ගෙන තිබුණා.
එහිදී එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 හා අනිත් පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ සමග ජාවාරම මෙහෙයවූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.
පොලිසිය සදහන් කළේ දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින මෝදර නිපුණ නමැත්තාගේ සහෝදරයකු වන මෝදර චතු නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය මෙසේ ජාවාරම් කර ඇති බවයි.
පොලිස් භාරයට ගත් එක් සැකකරුවකු මීට මාස කිහිපයකට පෙර පුනරුත්තාපනය වී නැවත පැමිණි අයෙකු බවට ද වාර්තා වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසියට භාරදීී තිබෙනවා.